AFC Banner
AFC Banner
Empty Ad

ඔස්ට්‍රෙලියානු වමත් දඟ පන්දු යවන්නෙකුගේ පන්දු යැවීමේ සැක සහිත බවක් ගැන චෝදනාවක්

ඔස්ට්‍රෙලියානු වමත් දඟ පන්දු යවන්නෙකු වන මැතිව් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ඔහුට ඉදිරියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හමුවේ පන්දු යැවීමේ පරීක්ෂණයකට භාජනය වීමේ ඉඩකඩක් ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව කුහ්නමන්ට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබෙනවා.

ගාල්ලේ පැවති තරග දෙකේ දී ම කුහ්නමන් කඩුලු 16ක් දවාගත් අතර ICC හි බ්‍රසිබ්‍රේන් හි පරීක්ෂණ මධ්‍යස්ථානයක දී ඔහුට ස්වාධීන පරීක්ෂණයකට භාජනය වීමට සිදු වන ඇති.

පන්දු යවන්නන් හට සිය ඉරියව්වල අංශක 15ක නම්‍යතාවක් පමණක් ලබාදිය හැකි වනවා.

2017 දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට එක්වන කුහ්නමන්ට මෙලෙස චෝදනාවක් එල්ල වූ පළමු අවස්ථාව වන අතර පරීක්ෂණ වාර්තා එන තෙක් ඔහුට දේශීය තරගවලට ක්‍රීඩා කළ හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?