AFC Banner
AFC Banner
Empty Ad

ටෙන්ඩරයකින් අල්ලස් ගැනීමට තැත් කළ අයෙකුට වසර 56ක බරපතළ සිරදඬුවම්

ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය සහතිකයක් නිකුත් කිරීමට රුපියල් 36,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මඩුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකුට වසර 56ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම සිරදඬුවම කාලය වසර 07කින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළා.

මෙලෙස දඬුවම් නියම වුයේ මොණරාගල ප්‍රදේශයේ මඩුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්ෂණ නිලධාරියා වශයෙන් කටයුතු කළ ඩබ්.එම්.ටී. බණ්ඩා යන අයටයි.

සිර දඬුවමට අමතරව විත්තිකරු හට රුපියල් 40,000/-ක දඩයක් ද ගෙවීමට විනිසුරුවරයා නියම කර සිටියා.

2017 ඔක්තෝම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මඩුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්ෂණ නිලධාරිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කපුලන්ද මාර්ගය සහ උඩුගල්ලෙන මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් සමෘද්ධි ගම්මාන සංවිධානයට සහ ළහිරු ගොවි සංවිධානයට ගෙවිය යුතු ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය තාක්‍ෂණ වාර්තාව නිකුත් කිරීමට පුද්ගලයකුගෙන් අවස්ථා දෙකක දී රුපියල් 36,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා 08ක් යටතේ නඩු පවරා තිබුණා.

අල්ලසක් නොදී රජයේ කාර්යාලයකින් වැඩක් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති ඇති බවත් අල්ලස් ගැනීම ඇතැම් රජයේ නිලධාරීන් කලාවක් බවට පත් කරගෙන ඇති එවන් වටපිටාවක අල්ලස් ලබා ගනිමින් සිය සේවය ඉටු කරන රාජ්‍ය නිලධාරීන්ට ද පාඩමක් වන අන්දමට විත්තිකරු හට දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලා සිටියා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කළ විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනපති මහත් හරසරින් පිළිගැනේ
01:00
Video thumbnail
BREAKING NEWS 🔴මහින්ද රාජපක්ෂගේ නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
10:29
Video thumbnail
නලින්ද ජයතිස්සගෙන් පොරොන්දුවක්
00:53
Video thumbnail
"මේ රටේ මිනිස්සු පව්. මේ ආණ්ඩුව එකතු වෙලා මිනිස්සුන්ව හොදටම රැවැට්ටුවා" - සාගල කාරියවසම්
02:21
Video thumbnail
අපේ බලාපොරොත්තුව හැම පැත්තකින් හැම දෙයක්ම දෙන්න - නලින්ද ජයතිස්ස
04:49
Video thumbnail
මේ වෙච්ච හානියට අපිට වන්දියක් ඕනි #powercut #viralvideo
00:08
Video thumbnail
කුඩා කර්මාන්ත කරුවන්ගෙන් - ආණ්ඩුවට විශාල ශබ්දයක්
04:33
Video thumbnail
ගෙවල් ගිනි තියන්න අමෙරිකාවෙන් සල්ලි දීලා..? ලැජ්ජා නැති වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
10:33
Video thumbnail
බොරු පොරොන්දු ගොවි ජනතාවලොකු අසීරුතාවයක ඉන්නේ #shortsvideo #viralvideo
00:20
Video thumbnail
නැවත සහල් පිටරටින් ගේන්න වෙයි ? - ගොවීන්ගෙන් ආණ්ඩුවට පාඩමක්
02:43

?