ටෙන්ඩරයකින් අල්ලස් ගැනීමට තැත් කළ අයෙකුට වසර 56ක බරපතළ සිරදඬුවම්

ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය සහතිකයක් නිකුත් කිරීමට රුපියල් 36,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මඩුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකුට වසර 56ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම සිරදඬුවම කාලය වසර 07කින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළා.

මෙලෙස දඬුවම් නියම වුයේ මොණරාගල ප්‍රදේශයේ මඩුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්ෂණ නිලධාරියා වශයෙන් කටයුතු කළ ඩබ්.එම්.ටී. බණ්ඩා යන අයටයි.

සිර දඬුවමට අමතරව විත්තිකරු හට රුපියල් 40,000/-ක දඩයක් ද ගෙවීමට විනිසුරුවරයා නියම කර සිටියා.

2017 ඔක්තෝම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මඩුල්ල ප්‍රාදේශිය සභාවේ තාක්ෂණ නිලධාරිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කපුලන්ද මාර්ගය සහ උඩුගල්ලෙන මාර්ගය සංවර්ධනය කිරීම වෙනුවෙන් සමෘද්ධි ගම්මාන සංවිධානයට සහ ළහිරු ගොවි සංවිධානයට ගෙවිය යුතු ටෙන්ඩර් මුදල් මුදාහැරීමට අවශ්‍ය තාක්‍ෂණ වාර්තාව නිකුත් කිරීමට පුද්ගලයකුගෙන් අවස්ථා දෙකක දී රුපියල් 36,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගත් බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා 08ක් යටතේ නඩු පවරා තිබුණා.

අල්ලසක් නොදී රජයේ කාර්යාලයකින් වැඩක් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති ඇති බවත් අල්ලස් ගැනීම ඇතැම් රජයේ නිලධාරීන් කලාවක් බවට පත් කරගෙන ඇති එවන් වටපිටාවක අල්ලස් ලබා ගනිමින් සිය සේවය ඉටු කරන රාජ්‍ය නිලධාරීන්ට ද පාඩමක් වන අන්දමට විත්තිකරු හට දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලා සිටියා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කළ විනිසුරුවරයා විත්තිකරුට දඬුවම් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48