අනාථයන්ට සෙවණක් වූ චීනයේ ගුවන් තොටුපළ

චීනයේ ඩොලර් බිලියන ගණනක් වැය කර ඉදිකළ ගුවන් තොටුපළවල්, රැකියා විරහිත හා නිවාස නොමැති අයට නිහඬව “නොමිලේ හෝටල්” බවට පත් වී ඇති බව වාර්තා වනවා.

යුවාන් බිලියන 80ක් පමණ වැය කර ඉදිකළ බෙයිජිං ඩැක්සිං ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන් ප්‍රධානයි.

සෑම රාත්‍රියකම, අඳුර වැටෙන විට, විවිධ පුද්ගලයින් සමූහයක් පර්යන්තයට ගලා එන බව මාධ්‍ය වාර්තා කරනවා.

සමහරු සිනිඳු සෝෆා මත ගුලි වෙද්දී, තවත් අය හාන්සි පුටු මත වැතිරෙන බවත් තවත් සමහරු තමන්ගේම ඇතිරිලි පවා ගෙනැවිත් ගුවන් තොටුපළ තාවකාලික නිවසක් බවට පත් කර ගන්නා බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම පුද්ගලයින් අතරට හෝටල් ලබාගත නොහැකි තරුණ රැකියා සොයන්නන්, උපාධි පාසල් හෝ සිවිල් සේවා විභාග සඳහා සූදානම් වන සිසුන් සහ නගරයේ ඔවුන්ගේ අරගලවලින් විරාමයක් ගන්නා සංක්‍රමණික කම්කරුවන් ඇතුළත්.

ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයෙන් ද මෙම පුද්ගලයින්ට බාධාවක් නොවන බව ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන්.

මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම දර්ශනය ඩැක්සිං ගුවන්තොටුපළට හෝ බීජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළට අනන්‍ය වූවක් නොවෙයි.

ගුවැන්ෂු සිට චෙංඩු දක්වා, චීනය පුරා ඇති ප්‍රධාන නගරවල ගුවන් තොටුපොළ කම්කරුවන් සඳහා රාත්‍රී නවාතැන් බවට පරිවර්තනය වෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06