ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් සමාලෝචනය කිරීමට ඉඩ ඇති බවට පළ වන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කනස්සල්ල පළ කර තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකරමින්.
නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ අනුර බී. මැද්දෙගොඩ සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන අයගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත මෙම ලිපියෙන් අවධාරණය කරන්නේ නීතිපතිවරයා මහජනතාවට වගකිව යුතු වුවද, ඔහු අර්ධ අධිකරණමය කාර්යභාරයක් ඉටු කරන අතර, පවතින සාක්ෂි සහ නීතිමය පිළිගැනීම මත තීරණ පදනම් කර ගත යුතු බවයි.
නඩු පැවරීමේ තීරණවලට දේශපාලන මැදිහත්වීම් නීතිපතිවරයාගේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය අඩපණ කළ හැකි බවට ද එම සංගමය අදාළ ලිපිය මඟින් අනතුරු අඟවා තිබෙනවා.
එමෙන්ම අධිකරණ සහ අර්ධ අධිකරණ තීරණ සෑම විටම මහජන මතය සමඟ නොගැලපෙන නමුත්, නීතියට අනුකූලව ගත යුතු බව අවධාරණය කරමින්, ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටිනවා.
![ජනපති අනුරට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ලිපියක් 1 2 1](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/2-1.jpg)
![ජනපති අනුරට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ලිපියක් 2 3 2](https://dasathalankanews.com/wp-content/uploads/2025/02/3-2.webp)