ජනපති අනුරට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ලිපියක්

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් සමාලෝචනය කිරීමට ඉඩ ඇති බවට පළ වන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කනස්සල්ල පළ කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ලිපියක් යොමුකරමින්.

නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ අනුර බී. මැද්දෙගොඩ සහ ලේකම් චතුර ඒ. ගල්හේන යන අයගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත මෙම ලිපියෙන් අවධාරණය කරන්නේ නීතිපතිවරයා මහජනතාවට වගකිව යුතු වුවද, ඔහු අර්ධ අධිකරණමය කාර්යභාරයක් ඉටු කරන අතර, පවතින සාක්ෂි සහ නීතිමය පිළිගැනීම මත තීරණ පදනම් කර ගත යුතු බවයි.

නඩු පැවරීමේ තීරණවලට දේශපාලන මැදිහත්වීම් නීතිපතිවරයාගේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය අඩපණ කළ හැකි බවට ද එම සංගමය අදාළ ලිපිය මඟින් අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම අධිකරණ සහ අර්ධ අධිකරණ තීරණ සෑම විටම මහජන මතය සමඟ නොගැලපෙන නමුත්, නීතියට අනුකූලව ගත යුතු බව අවධාරණය කරමින්, ප්‍රධාන ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටිනවා.

2 1
3 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20