PCR කරන්න ගොස් ගුරුවරියකට හදි කළැයි PHI අත්අඩංගුවට

පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරමින් සිටින අතරතුර පාසල් ගුරුවරියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් නාලක ජයසූරිය නියෝග කරනු ලැබුවා.

මෙසේ ඇප මත මුදාහැරියේ අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වන යොහාන් අබේසේකර නමැති විවාහක සැකකරුවෙකි.

අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටි පාසල් ගුරුවරියකට PCR පරීක්ෂණයක් සිදුකිරීමට සැකකරු ඇගේ නිවසට ගොස් ඇති බවත් එහිදී ඔහු ගුරුවරියට ලිංගික අතවර කිරීමට තැත් කළ බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවමත් අවසන්ව නොමැති නිසා සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පැවසුවේ සැකකරු ගුරුවරියකට අතවර කළ බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

සැකකරු රාජකාරියකට ගිය අවස්ථාවේ නිරෝධායනය කර තිබූ එම නිවසට අනවසරයෙන් පැමිණ සිටි පුද්ගලයකු ඇතුළු පිරිසක් ඔහුට පහර දී රාජකාරියට බාධා කර ඇති බවය.

එසේ අධිකරණයට කරුණු පැහැදිළි කළ නීතිඥවරුන් සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ද ඉල්ලා සිටියේය.

තමා රාජකාරියට ගිය අවස්ථාවේ පැමිණිලිකාර ගුරුවරියගේ නිවසේ සිටි පිරිසක් තමන්ට පොලුවලින් පහරදුන් බව පවසමින් සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ද පොලිසියට පැමිණිල්ලක් කර පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ.

තිසල් තෙන්නකෝන් – සාලියපුර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56