මේ මාසයෙන් පසු නීතියට පිටින් සන්නිවේදන උපකරණ ගෙන්වීම තහනම්

නීත්‍යනුකූල නොවන අයුරින් සහ ප්‍රමිතියෙන් තොරව මෙරටට සන්නිවේදන උපකරණ ගෙන්වීමට ඉදිරියේ දී කිසිදු අවස්ථාවක් නොලැබෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මා‍ර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතා පැවසුවේ එම නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන බවයි.

ජංගම දූරකථන ලියාපදිංචි කිරීම සඳහා වෙළඳුන්ට සහ ආනයනකරුවන්ට ලබා දී තිබූ කාලය මේ මස 28 වැනි දිනෙන් අවසන් වන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව දූරකථනවල ඉමි අංකය ලියාපදිංචි නොකළ දැනට ක්‍රියාකාරි උපාංග ඉදිරියේ දී දූරකථන ජාලාවල ක්‍රියාකාරි නොවනු ඇති බවයි එම කොමිසම පැවසුවේ.

ජනවාරි 28 වැනි දිනට පෙර ඉමි අංකය ලියාපදිංචි කර ඇති ජාල සඳහා එමගින් ගැටලුවක් ඇති නොවන බවයි අධ්‍යක්ෂ ජනරල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?