මේ මාසයෙන් පසු නීතියට පිටින් සන්නිවේදන උපකරණ ගෙන්වීම තහනම්

නීත්‍යනුකූල නොවන අයුරින් සහ ප්‍රමිතියෙන් තොරව මෙරටට සන්නිවේදන උපකරණ ගෙන්වීමට ඉදිරියේ දී කිසිදු අවස්ථාවක් නොලැබෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මා‍ර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතා පැවසුවේ එම නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට සහ ආයතනවලට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන බවයි.

ජංගම දූරකථන ලියාපදිංචි කිරීම සඳහා වෙළඳුන්ට සහ ආනයනකරුවන්ට ලබා දී තිබූ කාලය මේ මස 28 වැනි දිනෙන් අවසන් වන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව දූරකථනවල ඉමි අංකය ලියාපදිංචි නොකළ දැනට ක්‍රියාකාරි උපාංග ඉදිරියේ දී දූරකථන ජාලාවල ක්‍රියාකාරි නොවනු ඇති බවයි එම කොමිසම පැවසුවේ.

ජනවාරි 28 වැනි දිනට පෙර ඉමි අංකය ලියාපදිංචි කර ඇති ජාල සඳහා එමගින් ගැටලුවක් ඇති නොවන බවයි අධ්‍යක්ෂ ජනරල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31