පනත කැඩූ ලොක්කෝ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සමාව අයදිති (වීඩියෝ)

පසුගියදා (27) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මියන්මාරයෙන් ආ සරණාගතයින් කණ්ඩායම නිරීක්ෂණය සඳහා මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගිය ද, එම නිලධාරී කණ්ඩායමට ඊට කඳවුරෙන් අවසර හිමි වූයේ නැහැ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ සිය නිලධාරීන් කණ්ඩායම පැය 04කට අධික කාලයක් ගුවන් හමුදා කඳවුරේ රස්තියාදු වූ බවත්; මානව හිමිකම් පනත යටතේ අවසර ලබා නොදීම එම පනත උල්ලංඝනය කිරීමක් බවයි.

මේ හේතුවෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ද ලිපියක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් යොමු කරනු ලැබුවා.

මුලතිව් ගුවන් හමුදා කඳවුර භාර නිලධාරියා පවසා ඇත්තේ සරණාගතයින් නිරීක්ෂණයට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තු පාලකවරයාගෙන් අවසර ලිපියක් අවශ්‍ය බවයි.

මෙය මානව හිමිකම් පනත යටතේ එය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දී ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද (31) පෙරවරු 10ට ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා, ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසකට සිතාසි යවනු ලැබුවා.

ඒ පනත උල්ලංඝනය කිරීම සහ රාජකාරියට බාධා කිරීමට හේතු විමසීම සඳහා යි.

මානව හිමිකම් කොමිෂන් සභාවට ආ සිතාසි ලැබූ ඉහළ නිලධාරින් සාකච්ඡාව අවසන් කර කොමිසමෙන් පිටව ගියේ මාධ්‍යයට හෝ කිසිදු අදහසක් පළ නොකරමින් බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

නමුත් මෙම සිදුවීම සහ අදාළ කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ; තම නිලධාරීන් හට ව්‍යවස්ථාපිත බලය යටතේ ඕනෑම ස්ථානයක සරණාගතයින්, සිරකරුවන් ආදි පිරිස් නිරීක්ෂණය කිරීමේ හැකියාව සහ බලය පැවරී ඇති බවයි.

නමුත් අද දින අදාළ අංශවල නිලධාරීන් කැඳවූ අවස්ථාවේ දී මානව හිමිකම් කොමිෂන් සභාවට එහි නිරීක්ෂණය කිරීමට ඉඩ ලබා නොදීමට හේතුව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ සරණාගතයින්ගෙන් යම්කිසි රෝගයක් බෝ වීමේ ඉඩක් ඇතිවිය හැකි බැවින් එම තීරණය ගත් බවයි ඔවුන් කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

මින් ඉදිරියට කොමිෂන් සභාවේ කිසිදු නිලධාරියෙකුට එලෙස ඔවුන්ගේ රාජකාරියට බාධා නොවන බවත්, සරණාගතයින් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා සිටිනවා.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකතුමිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත සිදු වූ සිදුවීම පිළිබඳ ව සිය කනගාටුව ද ප්‍රකාශ කළ බවයි එල්.ටී. බී දෙහිදෙණිය මහතා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?