පනත කැඩූ ලොක්කෝ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සමාව අයදිති (වීඩියෝ)

පසුගියදා (27) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පර්යේෂණ හා අධීක්ෂණ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මියන්මාරයෙන් ආ සරණාගතයින් කණ්ඩායම නිරීක්ෂණය සඳහා මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගිය ද, එම නිලධාරී කණ්ඩායමට ඊට කඳවුරෙන් අවසර හිමි වූයේ නැහැ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ සිය නිලධාරීන් කණ්ඩායම පැය 04කට අධික කාලයක් ගුවන් හමුදා කඳවුරේ රස්තියාදු වූ බවත්; මානව හිමිකම් පනත යටතේ අවසර ලබා නොදීම එම පනත උල්ලංඝනය කිරීමක් බවයි.

මේ හේතුවෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ද ලිපියක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් යොමු කරනු ලැබුවා.

මුලතිව් ගුවන් හමුදා කඳවුර භාර නිලධාරියා පවසා ඇත්තේ සරණාගතයින් නිරීක්ෂණයට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තු පාලකවරයාගෙන් අවසර ලිපියක් අවශ්‍ය බවයි.

මෙය මානව හිමිකම් පනත යටතේ එය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දී ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද (31) පෙරවරු 10ට ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා, ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසකට සිතාසි යවනු ලැබුවා.

ඒ පනත උල්ලංඝනය කිරීම සහ රාජකාරියට බාධා කිරීමට හේතු විමසීම සඳහා යි.

මානව හිමිකම් කොමිෂන් සභාවට ආ සිතාසි ලැබූ ඉහළ නිලධාරින් සාකච්ඡාව අවසන් කර කොමිසමෙන් පිටව ගියේ මාධ්‍යයට හෝ කිසිදු අදහසක් පළ නොකරමින් බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

නමුත් මෙම සිදුවීම සහ අදාළ කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ; තම නිලධාරීන් හට ව්‍යවස්ථාපිත බලය යටතේ ඕනෑම ස්ථානයක සරණාගතයින්, සිරකරුවන් ආදි පිරිස් නිරීක්ෂණය කිරීමේ හැකියාව සහ බලය පැවරී ඇති බවයි.

නමුත් අද දින අදාළ අංශවල නිලධාරීන් කැඳවූ අවස්ථාවේ දී මානව හිමිකම් කොමිෂන් සභාවට එහි නිරීක්ෂණය කිරීමට ඉඩ ලබා නොදීමට හේතුව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ සරණාගතයින්ගෙන් යම්කිසි රෝගයක් බෝ වීමේ ඉඩක් ඇතිවිය හැකි බැවින් එම තීරණය ගත් බවයි ඔවුන් කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

මින් ඉදිරියට කොමිෂන් සභාවේ කිසිදු නිලධාරියෙකුට එලෙස ඔවුන්ගේ රාජකාරියට බාධා නොවන බවත්, සරණාගතයින් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා සිටිනවා.

එමෙන්ම අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකතුමිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත සිදු වූ සිදුවීම පිළිබඳ ව සිය කනගාටුව ද ප්‍රකාශ කළ බවයි එල්.ටී. බී දෙහිදෙණිය මහතා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46