මන්මෝහන් සිංගේ අභාවය වෙනුවෙන් සතියක ශෝක කාලයක් – සජිත්ගෙනුත් සංවේගය

අභාවප්‍රාප්ත වූ ඉන්දීය ජනරජයේ හිටපු අගමැති මන්මෝහන් සිං මහතා වෙනුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ වත්මන් ඉන්දීය රජය විසිනුයි මෙම නිවේදනය අද (27) සිදු කරනු ලැබුවේ.

මන්මෝහන් සිං මහතා වයස අවුරුදු 92ක් ගත වනවිට දැඩි ලෙස අසනීප ව ඊයේ (26) නවදිල්ලි රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදි ජීවිතක්ෂයට පත් වුණා.

දෙවරක් ඉන්දීය ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ මන්මෝහන් සිං ව එරට වැසියා සලකන්නේ බිඳ වැටුණු සිය රටේ ආර්ථිකය ස්ථාවර කළ නායකයා ලෙසයි.

සෝනියා ගාන්ධි අගමැති ධුරය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඉන්දීය ජාතික කොංග්‍රසයේ සාමාජික මන්මෝහන් සිං හට දෙවැනි වරට ද එරට අගමැති ධුරය හිමිවුණා.

ඔහු එරට 13 වැනි අගමැතිවරයා ද වනවා.

2004 සිට 2014 දක්වා කාලයක් දීර්ඝතම පරිච්ඡේදයක් ඉන්දියාව පාලනය කළ එකම නායකයා වන්නේ ද මන්මෝහන් සිං.

මේ අතර හිටපු ඉන්දීය අගමැතිවරයාගේ අභාවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සංවේගය පළ කර තිබෙනවා.

සිය නිල x සටහනේ පණිවිඩයක් තබමින් විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ මන්මෝහන් සිං සතු ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් ඉන්දියාව පරිවර්තනය කළ සහ කලාපයට ආස්වාදයක් ලබා දුන් දූරදර්ශී නායකයෙකු වූ බවත් ඔහුගේ අභාවය ගැන බලවත් කනගාටුව පළ කරන බවයි.

ප්‍රගතිය සහ අඛණ්ඩතාව සඳහා ඔහුගේ කැපවීම අසල්වාසී ජනතාව වශයෙන් අප ව දිරිමත් කරන බවත් එහි වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?