මන්මෝහන් සිංගේ අභාවය වෙනුවෙන් සතියක ශෝක කාලයක් – සජිත්ගෙනුත් සංවේගය

අභාවප්‍රාප්ත වූ ඉන්දීය ජනරජයේ හිටපු අගමැති මන්මෝහන් සිං මහතා වෙනුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ වත්මන් ඉන්දීය රජය විසිනුයි මෙම නිවේදනය අද (27) සිදු කරනු ලැබුවේ.

මන්මෝහන් සිං මහතා වයස අවුරුදු 92ක් ගත වනවිට දැඩි ලෙස අසනීප ව ඊයේ (26) නවදිල්ලි රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදි ජීවිතක්ෂයට පත් වුණා.

දෙවරක් ඉන්දීය ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ මන්මෝහන් සිං ව එරට වැසියා සලකන්නේ බිඳ වැටුණු සිය රටේ ආර්ථිකය ස්ථාවර කළ නායකයා ලෙසයි.

සෝනියා ගාන්ධි අගමැති ධුරය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව ඉන්දීය ජාතික කොංග්‍රසයේ සාමාජික මන්මෝහන් සිං හට දෙවැනි වරට ද එරට අගමැති ධුරය හිමිවුණා.

ඔහු එරට 13 වැනි අගමැතිවරයා ද වනවා.

2004 සිට 2014 දක්වා කාලයක් දීර්ඝතම පරිච්ඡේදයක් ඉන්දියාව පාලනය කළ එකම නායකයා වන්නේ ද මන්මෝහන් සිං.

මේ අතර හිටපු ඉන්දීය අගමැතිවරයාගේ අභාවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සංවේගය පළ කර තිබෙනවා.

සිය නිල x සටහනේ පණිවිඩයක් තබමින් විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ මන්මෝහන් සිං සතු ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් ඉන්දියාව පරිවර්තනය කළ සහ කලාපයට ආස්වාදයක් ලබා දුන් දූරදර්ශී නායකයෙකු වූ බවත් ඔහුගේ අභාවය ගැන බලවත් කනගාටුව පළ කරන බවයි.

ප්‍රගතිය සහ අඛණ්ඩතාව සඳහා ඔහුගේ කැපවීම අසල්වාසී ජනතාව වශයෙන් අප ව දිරිමත් කරන බවත් එහි වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14