වාහන ආනයනයට තවමත් නිශ්චිත දිනයක් නැහැ – ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

වාහන ආනයනය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත දිනයක් රජය හෝ කිසිම නිලධාරියෙක් විසින් ප්‍රකාශයට පත්කර නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසනවා.

අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ දෙසැම්බර් මස අග හෝ එළඹෙන වසරේ ජනවාරියේ දී බස් සහ ලොරි රථ ආනයනය සඳහා අවසර ලබා දෙනු ඇති බවට විශ්වාසයක් පවතින බවයි.

මේ අතර වාහන ආනයන වෙළඳපොළ විවෘත වූ පසු වාහන මිල දී ගැනීම සඳහා ඉක්මන් නොවන ලෙසයි සභාපතිවරයා මහජනතාවට දැනුම් දෙන්නේ.

වාහන ආනයන වෙළඳපොළ විවෘත වී ටික කලකින් තරගකාරී මිල ගණන් යටතේ පාරිභෝගිකයාට අවශ්‍ය වාහනය මිල දී ගැනීමට අවස්ථා රැසක්ම විවෘතවන බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?