Empty Ad
Empty Ad
AFC Banner

තායිවාන ජනපතිගේ පැසිෆික් සංචාරයට එරෙහිව චීනයෙන් ගුවන් හමුදා අභ්‍යාසයක්?

නුදුරු දිනකදී තායිවාන ජනාධිපති ලායි හවායි පැසිෆික් සංචාරය සිදු කරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙය නිල වශයෙන් තායිවානය තහවුරු නොකළ ද, ආරංචි මාර්ග පවසන්නේ චීනය මේ හේතුවෙන් තායිවානය ආසන්නයේ හමුදා අභ්‍යාස සිදු කිරීමේ සූදානමක සිටින බවයි.

තායිවාන ජනාධිපති ලායි හවායි, ගුවාම් වෙත සංචාරයට යනු ඇති.

එම සංචාරයේ දී තායිවාන ජනාධිපතිවරයා එක්සත් ජනපද භූමි ප්‍රදේශ වෙත සහ හවායි දූපත් වෙත ද ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන තායිවානය තමන්ගේම භූමි ප්‍රදේශයක් ලෙස සලකන චීනය, වොෂින්ටනය සමඟ ඇති සබඳතාවල අසුබවාදීත්වයක් ප්‍රකාශ කිරීම මේ වනවිට දැඩි ප්‍රශ්නයක් ව තිබෙන බවත් වාර්තාවල සඳහන්.

බීජිනය තායිවානයේ සහ එක්සත් ජනපදයේ සබඳතා ගැන පවසන්නේ එය බෙදුම්වාදී නිර්මාතෘවරයෙකු බවයි.

එමෙන්ම චීනය තායිවාන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද එතරම් සුබවාදී ලෙසින් දකින්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?