හිටපු අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, කාංචන විජේසේකර සහ නිමල් සිරිපාල ද සිල්වා යන අය අද (28) කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද පෙරවරු 10ට පමණ එම හිටපු අමාත්‍යවරුන්ගේ පැමිණීම සිදු වූ බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සිය සංසාර ගමනේ පළමු වරට CID වෙත පැමිණි බවයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හට මෙරටට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීම සඳහා අවසර දුන් එවක සිටි කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු සියලුදෙනාගෙන් ම ප්‍රකාශ ලබාගැනීමට අධිකරණය කළ නියෝගයක් අනුව මෙලෙස වරින් වර එම හිටපු අමාත්‍යවරුන් හට කැඳවීම් ලැබෙනවා.