හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දූෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි හිටපු ජනාධිපතිවරයා මෙලෙස අල්ලස් කොමිසමට පැමිණ ඇත්තේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා දෙකකදී අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද, එම දිනවල දී තමාට පැමිණීමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයා දන්වා තිබුණා.