දින 10ක් පුරා පැවැති ‘සිරි දළදා වන්දනාව’ අවසන් – ලක්ෂ 06ක් දළදා වහන්සේ වැඳපුදාගෙන

16 වසරකට පසු දින දහයක් පුරා පැවැති ‘සිරි දළදා වන්දනාව’ ඊයේ (27) පස්වරුවේ අවසන් වුණා.

ගතවූ දින දහය තුළ ලක්ෂ 06 කට ආසන්න බැතිමතුන් පිරිසක් දළදා වහන්සේ සියැසින් දැක වැඳ පුදාගෙන ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් සිරි දළදා වන්දනාවට පැමිණි තවත් ලක්ෂ හතරක පමණ පිරිසකට දළදා වහන්සේ සියැසින් දැක වැඳ පුදාගැනීමේ අවස්ථාව අහිමිව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ මධ්‍යම පළාත් ශාඛාව මගින් කෘත්‍රීම බුද්ධිය උපයෝගි කර ගනිමින් සිදුකළ ගණනය කිරිමේ දී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

දිනකට ලක්ෂයත් ලක්ෂ එකහමාරත් අතර පිරිසකට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව ඇති බව පොලීසිය පැවසුවත් ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ මධ්‍යම පළාත් ශාඛාවේ නියෝජිතයින් කළ විද්‍යාත්මක ගණනය කිරීමේ දී හෙළි වූයේ දළදා වන්දනාව සඳහා දිනකට වෙන්කර තිබෙන පැය 6 1/2 ක කාලයේ දී උපරිම ලෙස වන්දනා කර ඇත්තේ සැදැහැවතුන් 70000 කට අඩු පිරිසකට බවයි.

මේ අතර සිරි දළදා වන්දනාව පැවති දින 10 තුළ සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර පැමිණි සැදැහැවතුන් අතරින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

තවත් 550ක පමණ පිරිසක් රෝගාතුරව රෝහල් ගතකර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර අති විශාල පිරිසක් මහනුවර නගරයට රැස්වීමත් සමඟ නගරයේ පවිත්‍රතාව පිළිබඳව දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා.

මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර නගරය පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ (27) පස්වරුවේ සිටම ආරම්භ වුණා.

මේ අතර සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු දී තිබූ මහනුවර ප්‍රදේශයේ පාසල් 24ක් අද (28) දිනයේ යළි ආරම්භ කෙරෙනවා.

තවත් පාසල් 37ක් හෙට (29) දිනයේ ආරම්භ කරන බවයි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර සිරි දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්ථවිරයන් වහන්සේගේ, මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන ස්ථවිරයන් වහන්සේගේ සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ අත්සනින් යුතුවයි මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත්තේ.

ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ඉල්ලීම හා ආරාධනාව අනුව සිරි දළදා වන්දනාව අප්‍රේල් මස 18 දින සිට 27 දින දක්වා පුරා දින දහයක් පවත්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48