අම්පාර – කාර්තිවු, මාවඩිපල්ලි ප්‍රදේශයේ ජල පහරට හසු ව අතුරුදන් වූ සිසුන් සයදෙනාගෙන් එක් සිසුවෙකුගේ ශරීරය නාවික හමුදාව විසින් සොයාගනු ලැබුවා.
අද (27) පෙරවරුවේ දී මෙම සිසුවාගේ මියගිය ශරීරය හමු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.
ඊයේ (26) රාත්‍රියේ දී මද්රසා පාසලක් නිමවී නිවෙස් වෙත ට්‍රැක්ටරයක් රථයකින් ගමන් කරමින් සිටි සිසුන් පිරිසක් මෙම අනතුරට ගොදුරු වුණා.
ට්‍රැක්ටර් රථය අවදානම්සහගත ලෙස ජල පහරේ ගමන් කරවා ඇති බවත්; අධිපීඩන ජල ධාරාවක් හමුවේ ට්‍රැක්ටර් රථය පෙරලී ගොස් මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ මගීන් 13 දෙනෙකු ගමන් කර තිබෙනවා.
ඉන් 05 දෙනෙකුගේ ජීවිතය බේරාගත් අතර තවත් සයදෙනෙකු ඊයේ රාත්‍රියේ සිට අතුරුදන් ව සිටිනවා.
එලෙස අතුරුදන් වූ සයදෙනා ම සිසුන් බවත් ඉන් එක් අයෙකුයි මෙලෙස සොයාගෙන ඇත්තේ.
ට්‍රැක්ටර් රථය ධාවනය කළ රියදුරු සහ එහි සහායක අනතුරින් පසු පලාගොස් තිබෙනවා.