ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සොහොන් ගේ ඡායාරූප ප්‍රසිද්ධ මාධ්‍යට (ඡායාරූප)

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති සොහොන් ගෙයෙහි ඡායාරූප මේ වනවිට මාධ්‍ය වෙත නිකුත්ව තිබෙනවා.

රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය තැන්පත් කරනු ලැබුවේ ඊයේ දිනයේදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වනවිට පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති සොහොන් ගෙය නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

උන්වහන්සේගේ සොහොන් ගෙය මත පාප් වහන්සේගේ නාමය වන ෆ්‍රැන්සිස් යන නම ලිතින් භාෂාවෙන් Franciscvs ලෙස සදහන් කර තිබෙනවා.

GphupvVWoAAZP9H
GphupjVX0AAAElW
GphupVQW4AAYrrs