9,457 දෙනෙකුට විෂයන් තුනටම ‘A’ සාමාර්ථ – 29,244ක් විෂයන් තුනම අසමත් (වීඩියෝ)

2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (26) දිනයේ දී නිකුත් කෙරුණා.

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (27) පෙරවරුවේ පැවැත් වුණේ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගේ සහභාගීත්වයෙන්.

එහිදී විභාග කොමසාරිස්වරයා පැවසුවේ උසස් පෙළ විභාගය සමත්වීමේ ප්‍රවණතාවයේ ඉහළයාමක් නිකුත් කළ ප්‍රතිඵල මත දැකගත හැකි බවයි.

උසස් පෙළ විභාගය පෙනී සිටි අපේක්ෂකයින්ගෙන්, අපේක්ෂකයි 9,457 දෙනෙකු විෂයන් තුනටම A සාමාර්ථ ලබාගෙන ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

මේ අතර විෂයන් තුනම අසමත් වූ සංඛ්‍යාව 29,244ක් බව පැවසූ විභාග කොමසාරිස්වරයා එය ප්‍රතිශතයක් ලෙස 10.66%ක් බවයි සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙවර විශ්ව විද්‍යාල වරම් ලැබූ විභාග අපේක්ෂකයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තා අපේක්ෂිකාවන් බවයි ඔහු මෙහිදී පැවසුවේ.

එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 71.93%ක් වනවා.

විශ්ව විද්‍යාල වරම් ලැබූ පිරිමි අපේක්ෂකයින් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 60.24%ක් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී සඳහන් කර සිටියේ.

2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව අපේක්ෂකයින් 177,588 දෙනෙකු විශ්ව විද්‍යාල වරම් හිමිකරගෙන තිබෙනවා.

මේ අතර විෂයන් තුනම අසමත් වූ පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් පිරිමි අපේක්ෂකයින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 13.87%ක අගයක් ගනු ලබනවා.

විෂයන් තුනම අසමත් වූ කාන්තා අපේක්ෂිකාවන් ප්‍රතිශතයක් ලෙස 8.60%ක අගයක් ගන්නා බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම අපේක්ෂකයින් 456 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

මේ අතර 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සහතික කඩිනම් ලබා ගැනීමට අවශ්‍ය නම් හෙට (28) දින පෙරවරු 9.00 සිට විභාගය දෙපාර්තෙමේන්තුවේ එක්දින සේවාව යටතේ ලබාගත හැකි බව ඔහු දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52