හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දට වරෙන්තු

නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි EPDP පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (21) නියෝග කළා.

වැල්ලවත්තේ පදිංචි සුභ්‍රමනියන් මනෝහරන් යන ව්‍යාපාරිකයා විසින් අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි දෙකක වංචාවක් සිදු කළ බවට ඩග්ලස් දේවානන්ද මහතා කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මගින් පැවරූ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඩග්ලස් දේවානන්ද මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා පවසා සිටියේ සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බැවින් අධිකරණයේ පෙනී නොසිටින බවයි.

අසනීප තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කිරිමට අතිරේක මහේස්ත්‍රාත්වරයා කටයුතු කළා.

2016 ජූලි 9 වැනි දින හෝ ඊට ආසන්න දිනක දී රුපියල් මිලියන 10 බැගින් වූ චෙක්පත් දෙකක් ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම ලබා දී වංචා කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව වැල්ලවත්තේ පදිංචි සුභ්‍රමනියන් මනෝහරන් යන ව්‍යාපාරිකයාට එරෙහිව පවරා තිබෙනවා.

චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් හේවාපතිරණ මහතා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ පළමු වන සාක්කිකරු වන දේවානන්ද මහතාට සාක්ෂි ලබාදීම සඳහා අවසන් වරට දින ලබා දී ඇති බවයි.

මෙම සාක්ෂිකරු පසුගිය නඩු වාරයේ දී ද අධිකරණයේ පෙනී නොසිට ඇති බව ද නීතිඥවරයා පෙන්වාදුන්නා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කරමින් පැමිණිලි විභාගය ජනවාරි 23 වැනි දිනට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32