එළඹෙන 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී රාජ්‍ය විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩල සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඡන්දට ලබාදීමට හැකිවන අයුරින් නිවාඩු ලබාදීමට ක්‍රියාකරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
එමෙන්ම 2006 මැයි 31 වන දිනට උපන් වයස අවුරුදු 18 සම්පූර්ණ තරුණ ඡන්දහිමියන්ගේ නම් ද ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත්ව ඇති බැවින් ද උසස්පෙළ උපකාරක පංතිවලට සහභාගීවන සිසුන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා නොවන අයුරින් උපකාරක පංති යොදාගැනීමට කටයුතු කරන ලෙසට උපකාරක පංති කළමණාකරුවන්ගේ සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව එම කොමිෂන් සභාව දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1