මහ මැතිවරණයේ ඡන්දය දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40 හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවක් ලබාදිය යුතු වනවා.

කිලෝමීටර් 40 හෝ 100ත් අතර නම් දිනක නිවාඩුවක් ලබාදිය යුතු අතර, දුර ප්‍රමාණය කිලෝමීටර් 100ත් 150ත් අතර නම් දින එක හමාරක නිවාඩුවක් සේවකයාට ලබාදිය යුතුයි.

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ.

මෙවර මහා මැතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මෙතනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23