මහ මැතිවරණයේ ඡන්දය දාන්න නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40 හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවක් ලබාදිය යුතු වනවා.

කිලෝමීටර් 40 හෝ 100ත් අතර නම් දිනක නිවාඩුවක් ලබාදිය යුතු අතර, දුර ප්‍රමාණය කිලෝමීටර් 100ත් 150ත් අතර නම් දින එක හමාරක නිවාඩුවක් සේවකයාට ලබාදිය යුතුයි.

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබාදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ.

මෙවර මහා මැතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මෙතනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15