AFC Banner
Empty Ad
Empty Ad

විදුලිසැර වැදී හත් හැවිරිදි දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් කුඩා දරුවෙක් ඊයේ (27) උදෑසන ජීවිතක්ෂය පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 07ක පිරිමි දරුවෙක්.

මෙම දරුවාගේ දෙමව්පියන් විසින් වන අලින්ගෙන් ගෙවත්ත ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැටක් සකස්කර තිබෙනවා.

එම විදුලි වැටට පස්වරු 6.00ට විදුලිය සපයා පසුදින අලුයම 6.00ට එම සැපයුම විසන්දි කරනු ලබනවා.

කෙසේ වෙතත් ඊයේ (27) දිනයේ දී එම විදුලි සැපයුම විසන්දි කිරීමට නිවැසියන්ට අමතක වී ඇති අතර, දරුවා නිවස පිටුපස ඇති දිවුල් ගසේ දිවුල් ඇහිදීමට ගිය අවස්ථාවේ දී මෙලෙස විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?