AFC Banner
Empty Ad
Empty Ad

අප්‍රිකානු සූකර උණ ලංකාවටත්

මෙරට ඌරන් අතර පැතිර යන රෝගය; අප්‍රිකානු සූකර උණ රෝගය බවට තහවුරු වී තිබෙනවා.

ඌරන්ගේ ප්‍රජනන හා ශ්වසන පද්ධති ආශ්‍රිතව පැතිර යන මෙම අප්‍රිකානු සූකර උණ රෝගය මෙරටින් වාර්තා වුණේ පළමු වරටයි.

ලබාගන්නා ලද සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, වයඹ, උතුරු මැද පළාත් ඇතුළු ප්‍රදේශ තවත් කිහිපයකින් මෙම රෝගය වාර්තා වූ අතර, ඉන් ඌරන් ම විශාල ප්‍රමාණයක් මිය ගියා.

මේ අතර මෙම රෝගය රටේ අනෙකුත් ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීම සඳහා අදාළ ප්‍රදේශවල පශු වෛද්‍ය නිලධාරීන්ට බලය පැවරීමට කටයුතු කර ඇති බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තත්ත්වය මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ඌරු මස් ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?