අදත් ඉන්දීය ගුවන් යානාවලට බෝම්බ තර්ජන 25කට වැඩි සංඛ්‍යාවක්

ඉන්දියානු ගුවන් සමාගම් විසින් මෙහෙයවනු ලබන දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් 25 කට වැඩි සංඛ්‍යාවකට අද (25) දිනයේ බෝම්බ තර්ජන එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ඉන්ඩිගෝ, විස්තාරා සහ ස්පයිස් ජෙට් යන ගුවන් සමාගම්වල යානා 07 බැගින් තර්ජන එල්ල වී ඇති අතර, එයාර් ඉන්දියා ගුවන් යානා 06කට අද දිනයේ මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දින 12ක් තුළ ඉන්දීය ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් යානා 275කට අධික සංඛ්‍යාවකට මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී ඇති බවයි.

මෙම බොහෝ තර්ජන එල්ල වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා බවයි වාර්තා වුණේ.

මේ අතර ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සමාජ මාධ්‍ය සමාගම්වලට දැනුම් දී ඇත්තේ, බෝම්බ තර්ජන සම්බන්ධ තොරතුරු රජයට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට කඩිනමින් ලබා දෙන ලෙසයි.

බෝම්බ තර්ජන එල්ල වීමත් සමඟ ගුවන් ගමන් වාර ගණනාවක් අවලංගු කිරීමට, ප්‍රමාද කිරීමට හෝ සෝදිසි කිරීම්වලට ලක් කිරීමට සිදුවී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08