AFC Banner
Empty Ad
Empty Ad

අදත් ඉන්දීය ගුවන් යානාවලට බෝම්බ තර්ජන 25කට වැඩි සංඛ්‍යාවක්

ඉන්දියානු ගුවන් සමාගම් විසින් මෙහෙයවනු ලබන දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් 25 කට වැඩි සංඛ්‍යාවකට අද (25) දිනයේ බෝම්බ තර්ජන එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ඉන්ඩිගෝ, විස්තාරා සහ ස්පයිස් ජෙට් යන ගුවන් සමාගම්වල යානා 07 බැගින් තර්ජන එල්ල වී ඇති අතර, එයාර් ඉන්දියා ගුවන් යානා 06කට අද දිනයේ මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දින 12ක් තුළ ඉන්දීය ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් යානා 275කට අධික සංඛ්‍යාවකට මෙලෙස බෝම්බ තර්ජන එල්ල වී ඇති බවයි.

මෙම බොහෝ තර්ජන එල්ල වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා බවයි වාර්තා වුණේ.

මේ අතර ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සමාජ මාධ්‍ය සමාගම්වලට දැනුම් දී ඇත්තේ, බෝම්බ තර්ජන සම්බන්ධ තොරතුරු රජයට සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට කඩිනමින් ලබා දෙන ලෙසයි.

බෝම්බ තර්ජන එල්ල වීමත් සමඟ ගුවන් ගමන් වාර ගණනාවක් අවලංගු කිරීමට, ප්‍රමාද කිරීමට හෝ සෝදිසි කිරීම්වලට ලක් කිරීමට සිදුවී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් තිබ්බ ෆයිල්වල මදේ නෑ - ජනාධිපතිට හොඳට දෙහි කපයි
03:51
Video thumbnail
උදයංග වීරතුංගගෙන් විශේෂ ප්‍රකාශයක්
06:41
Video thumbnail
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් උපදෙස් #anurakumaradissanayake
00:47
Video thumbnail
තිස්ස කුට්ටිගේ අමුතු ආදර කතාවක් මාට්ටු - මයේ අම්මා ඒකේ ලස්සන
01:34
Video thumbnail
දිලිත්ගේ ප්‍රබලයෙක් රන්ජන්ට එකතුවෙයි - දිල්ශාන් සන්තෝසෙන් කිව්ව කතාව
01:15
Video thumbnail
රන්ජන්ට සල්ලි තියෙනවා - රටේ සමාන්‍ය පුරවැසියන්ටත් හෙලිකොප්ටරේක යන්න පුලුවන් වෙන්න ඕනි
02:26
Video thumbnail
D.V චානක අනුර කුමාරව නැත්තට නැති කරයි
06:00
Video thumbnail
රඹෑව රත්වෙයි - පොලීසියත් එතනට - අනුරාධපුර යාපනය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසාගත් විරෝධතාවය
10:42
Video thumbnail
අනුරට ඕනි පාරිලිමේන්තුවක් හදලා බෑ - නීතිඥ නාමල් රාජපක්ෂ කට අරී
03:24
Video thumbnail
සජබ අසාර්ථක නිසා 3% හිටිය පුංචි විපක්ෂය රාජ්‍ය බලය ගත්තේ - දලිත්ගේ කණ්ඩායමෙන් ලොකු වෙනසක්
07:07

?