AFC Banner
Empty Ad
Empty Ad

සතියක සිට ආ ගිය අතක් නැති බාලවයස්කාර දැරිය – තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න

පොළොන්නරු දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නේරිය පොලිස් වසමට අයත් සුදුකන්ද – නිකවැව ලිපිනයේ පදිංචි ජේ.එම්. සුරේනි නදීෂා නමැති බාලවයස්කාර දැරිය අතුරුදන් ව තිබෙනවා.

මෙම දැරිවිය පසුගිය 10 වැනි දින සිට නිවසෙන් අතුරුදන් ව ඇති බවටයි මින්නේරිය පොලිසියෙන් දසත ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමක දී සඳහන් කළේ.

අදාළ දැරිවිය අතුරුදන් වීමට දින 03කට ඉහත දී ප්‍රදේශයේ විවාහක පුද්ගලයෙකු සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වීම හේතුවෙන් දැරියගේ පියා විසින් එය නවත්වන ලෙසට ඇයට තරවටු කර තිබෙනවා.

ඉන් අනතුරුව ඇය මෙලෙස අතුරුදන් ව ඇති බවයි ඇයගේ පියා පොලිසියට පවසා ඇත්තේ.

දියණිය අතුරුදන් බවට දැනගත් පසු ඒ පිළිබඳව දැරිය ප්‍රේම සබඳතාව පැවැත්වූවා යැයි සැලකෙන විවාහක පුද්ගලයාගෙන් ද විමසුව ද හෙතෙම පවසා ඇත්තේ ඇය තමන් සමග නොපැමිණි බවයි.

ඇය ගැන තොරතුරක් දන්නා අයෙක් වෙතොත් මින්නේරිය පොලිස් ස්ථානයට දන්වන ලෙස දෙමාපියන් මෙන් ම පොලිසිය ද මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?