සතියක සිට ආ ගිය අතක් නැති බාලවයස්කාර දැරිය – තොරතුරක් වෙතොත් දැනුම්දෙන්න

පොළොන්නරු දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නේරිය පොලිස් වසමට අයත් සුදුකන්ද – නිකවැව ලිපිනයේ පදිංචි ජේ.එම්. සුරේනි නදීෂා නමැති බාලවයස්කාර දැරිය අතුරුදන් ව තිබෙනවා.

මෙම දැරිවිය පසුගිය 10 වැනි දින සිට නිවසෙන් අතුරුදන් ව ඇති බවටයි මින්නේරිය පොලිසියෙන් දසත ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමක දී සඳහන් කළේ.

අදාළ දැරිවිය අතුරුදන් වීමට දින 03කට ඉහත දී ප්‍රදේශයේ විවාහක පුද්ගලයෙකු සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වීම හේතුවෙන් දැරියගේ පියා විසින් එය නවත්වන ලෙසට ඇයට තරවටු කර තිබෙනවා.

ඉන් අනතුරුව ඇය මෙලෙස අතුරුදන් ව ඇති බවයි ඇයගේ පියා පොලිසියට පවසා ඇත්තේ.

දියණිය අතුරුදන් බවට දැනගත් පසු ඒ පිළිබඳව දැරිය ප්‍රේම සබඳතාව පැවැත්වූවා යැයි සැලකෙන විවාහක පුද්ගලයාගෙන් ද විමසුව ද හෙතෙම පවසා ඇත්තේ ඇය තමන් සමග නොපැමිණි බවයි.

ඇය ගැන තොරතුරක් දන්නා අයෙක් වෙතොත් මින්නේරිය පොලිස් ස්ථානයට දන්වන ලෙස දෙමාපියන් මෙන් ම පොලිසිය ද මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21