IMF ගිවිසුම වෙනස් කිරීමට සැලසුමක් නැහැ – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුම වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජයට දැනට සැලසුමක් නොමැති බව ශ්‍රී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුම වෙනස් කර නැහැ. අපිට ඒක තනියම කරන්න බැහැ. ගිවිසුම නැවත බලන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන්න වෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව අවධාරණය කරමින් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූවා.

“අපි දැනට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන් සමඟ යම් එකඟතාවකට පැමිණ තිබෙනවා. ISB ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අපි මේ මස අගදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ දී රැස් වූ විට අවසන් අදියරට පැමිණෙනවා,” යනුවෙන් ඔහු සඳහන් කළා.

ජනතාව මත බදු බරක් පටවා ඇති ගිවිසුමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට රජය අපේක්ෂා කරන බව ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

“ඉදිරියේදී අපි ජනතාව මත බදු බර පටවා ඇති සමහර අංග සංශෝධනය කිරීමට සැලසුම් කරනවා. නමුත් මේ වන විට අපි එවැනි තත්ත්වයකට පැමිණ නැහැ,”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
12
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?