AFC Banner
Empty Ad
Empty Ad

මහාධිකරණ විනිසුරුවරයෙකුට අපහාස කළ අයෙක්ගෙන් රහස් ප්‍රකාශයක්

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් මිහාල් මහතාට අපහාසයක් වන ආකාරයේ වදන් ඇතුළත් දැන්වීම් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ඇලවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හත්වන සැකකරු අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රා තිළිණ ගමගේ මහතා හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට තමන්ට අවශ්‍ය බවට අදාළ සැකකාර පුද්ගලයා කළ ඉල්ලීමකට මහේස්ත්‍රාත්වරයාගේ අවසරය ලැබීමෙන් අනතුරුව ඔහු එසේ රහස් ප්‍රකාශය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෞද්ගලික බස් රථ රියදුරකු ඇතුළු සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මෙම 18 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?