ටෙක්නිකල් හංදියේ දී කාන්තාවක් ඝාතනය කරලා – අපරාධකරු සොයා විමර්ශන

කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හංදිය ප්‍රදේශයේ දී අද (07) අලුයම තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ අදාළ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඝාතනයට ලක්වූ කාන්තාව 32 හැවිරිදි වියේ පසුවන අතර, ඇයගේ අස්ථිර පදිංචිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පැවසුවේ.

මෙම කාන්තාව සහ තවත් පුද්ගලයෙක් සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුකළ පුද්ගලයා හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර කුච්චවේලි පොලිස් වසමේ කුඹුරුපිටිය ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පසු තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයෙක් ඊයේ (06) මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක කුඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා සහ ඔහුගේ සහෝදරයා පසුගිය 05 වනදා දහවල් එකට මත්පැන් පානය කර ඇති අතර, එහිදී දෙදෙනා අතර ආරවුලක් ඇතිව තිබෙනවා.

එහිදී සහෝදරයා විසින් මොහුට පිහියකින් සහ උදැල්ලකින් පහර දී ඇති අතර, පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගතකර සිටිය දී මෙලෙස මියගොස් ඇති බව සඳහන්.

අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50