බාබර් අසාම් එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරග නායකත්වය දරන බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ; බාබර් මෙම වසර ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස් වූ දෙවැනි වතාව මෙය බවයි.

පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවතට වීසිවීමෙන් පසුව ද බාබර්ගේ නායකත්වයට එරෙහිව දැඩි විවේචන එල්ල වූ අතර එහිදී ද ඔහු නායකත්වයෙන් ඉවත් වුණා,

නමුත් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ඉල්ලීම මත යළිත් එම තනතුර භාරගත් බාබර් දැඩි කලකිරීමකින් නායකත්වය සමුදී ඇති බවයි වාර්තා වන්නේ.

නායකත්වයට වැඩි වගකීම් කොටසක් ඉටු කිරීමට සිදුවීම හේතුවෙන් තමන් හට පෞද්ගලික පිතිකරණයෙහි දක්ෂතා මගහැරී ඇති බවට බාබර් විශ්වාසය පළ කර තිබෙනවා.

X හි දීර්ඝ සටහනක් තබමින් බාබර් අසාම් සඳහන් කර ඇත්තේ;

මගේ පිතිකරණයට ප්‍රමුඛත්වය දීමට සහ මගේ පවුලේ අය සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීමට” පවතින අවශ්‍යතාව මත මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ;

මම පකිස්ථාන පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මෙම කණ්ඩායමට නායකත්වය දීමට ලැබීම ගෞරවයක්, නමුත් මට ඉවත් වී මගේ ක්‍රීඩා භූමිකාව කෙරෙහි අවධානය යොමු කිරීමට කාලයයි. නායකත්වය ප්‍රතිලාභදායක අත්දැකීමක් වී ඇත, නමුත් එය සැලකිය යුතු කාර්යභාරයක් එකතු කර ඇත..”යනුවෙන් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43