AFC Banner
Empty Ad
Empty Ad

සතොස සභාපති ඉල්ලා අස්වෙයි (වීඩියෝ)

නව ජනාධිපතිවරයෙක් පත්වීම හේතු කර ගනිමින් සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අද (23) දින මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා.

තමන් සභාපති ධූරට පත්වන විට ලංකා සතොස දැඩිලෙස පාඩු ලබා තිබූ ආයතනයක් බවත්; ඉන් පසුව ක්‍රියාත්මක කරන ලද ක්‍රියාමාර්ග හරහා රුපියල් මිලියන දෙසියයක පමණ ලාභයක් රජයට අත්කර දුන් බවත් ඔහු ප්‍රකාශ කෙරුණා.

එමෙන්ම ලංකා සතොස තව දුරටත් සංවර්ධනය කරමින් පුළුල් ජාලයක් බවට පත් කිරීමට කටයුතු කරන ලද ආකාරය පිළිබඳව ද සභාපතිවරයා මෙහිදී කියා සිටියා.

තම සභාපති ධූර කාලය තුළ නිසි ක්‍රමවේදයන් භාවිතා කරමින් දේශපාලන අත පෙවීම්වලින් තොරව කටයුතු කළ ආකාරයද ඔහු මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
18
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?