AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ආරක්ෂාව සඳහා පුළුල් ආරක්ෂක වැඩපිළිවෙළක් ස්ථාපිත කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සුමටව හා ආරක්ෂිතව සිදුකිරීම වෙනුවෙන් මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් පමණ අනුයුක්ත කර ඇති බවයි.

පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ප්‍රධාන ආරක්‍ෂක ස්ථානවල ස්ථානගත කර ඇති බවයි ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිදි අතිරේක භට පිරිස් යෙදවීමට ත්‍රිවිධ හමුදාව සූදානම් බව ද එම අමාත්‍යාංශය අවධාරණය කළා.

ස්වාධීන සහ නිදහස් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය අසහතික වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?