දුෂ්කරතා මැද අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මඟ තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පවසනවා.

දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කරගැනීම වැදගත් වන බවත් ඒ බව ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ජනතාව තීරණය කළ යුතු බවයි ඇය පවසන්නේ.

ඉතිහාසයේ ඇති වූ දරුණුතම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වන බව ද ඇය පැවසුවා.

පසුගිය 12 වනදා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මේ බව සඳහන් කර සිටියා.

පුද්ගලික ණය හිමියන් තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර ඇති බවට පළවන වාර්තා පිළිබඳ යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කර සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම මෙන්ම නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමඟ ගිවිසුම්වලට එළැඹීම ප්‍රධාන සන්ධිස්ථාන බවට පත්වන බවයි.

එමෙන්ම IMF කාර්ය මණ්ඩලය විසින් ඒකාබද්ධ වැඩ රාමුව සමාලෝචනය කරමින් සිය තක්සේරුව ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ලබා දී ඇති බවත්, මීට අමතරව, ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් මෙම තක්සේරුව ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමියන්ගේ මූල්‍ය උපදේශකයින් වෙතද ලබාදී ඇති බවත් ඇය පැවසුවා.

“ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අපගේ කාර්යභාරය එතැන් සිට අවසන් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහභාගී නොවන බව මම මෙහිදී අවධාරණය කළ යුතුයි. එම සාකච්ඡා සිදුවන්නේ ණය ලබාගත් රට සහ එහි ණය හිමියන් අතරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කරන්නේ ණය තිරසරභාවය පිළිබඳ සාමාන්‍ය තක්සේරුවක් පමණයි. වැඩි විස්තර සඳහා, ශ්‍රී ලංකා බලධාරීන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පරීක්ෂා කරන ලෙස මම ඔබට යෝජනා කර සිටිනවා.” යැයි ද ඇය සඳහන් කළා.
පළමුවෙන්ම, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට අපට දකින්නට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම අර්බුදයෙන් පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මෙම වැඩසටහන තුළින් අත්කර ගෙන ඇති ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වනවා. තුන්වන සමාලෝචනය සිදු කරනු ලබන කාලසීමාව මැතිවරණයෙන් පසුව රජය සමඟ සාකච්ඡා කරනවා. එමනිසා අප ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව නව රජයක්, නැතහොත් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් සිදුකරන තෝරාගැනීම මත පදනම් ව හිමිවන ප්‍රතිඵලය අනුව, වැඩසටහන පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කටයුතු කිරීමට අප සූදානම්ව සිටිනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58