AFC Banner
Empty Ad
Empty Ad

අපරික්ෂාකාරී දැමිල්ලෙන් ජීවිතය අනූ නවයෙන් බේරුණු හැටි

යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් වැල්ලවායේ අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර සිදු වන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් ව තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මල්වත්තාවල හන්දියේ දී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුරක් සිදු වුණා.

යතුරුපැදිය පැදවූ රියදුරු අපරික්ෂාකාරීව මාර්ගය හරහා යතුරුපැදිය දැමීමට උත්සාහ කිරීමේ දී අධික වේගයෙන් ආ ලොරි රථයක් යතුරුපැදියේ ඉදිරි කොටසේ ගැටී යතුරුපැදිය එම ස්ථානයේ ම ඇද වැටෙන අයුරුයි ආරක්ෂිත කැමරාවේ සටහන් ව ඇත්තේ.

අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදු වුණ ද, යතුරුපැදියට විශාල හානි සිදු ව තිබෙනවා.

යතුරුපැදිය පදවා ඇත්තේ කාන්තාවක් වන අතර; ඇයගේ ජීවිතය අනූ නවයෙන් ගැලෙවනයුරු දර්ශනවලින් දිස්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?