පාකිස්ථාන – බංගලි දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයම වැස්සට සේදෙයි

පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර රාවල්පින්ඩි හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාවට සේදී ගියා.

පළමු දිනයේ දී නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය පවා උරගාබැලීමට අවස්ථාවක් හිමි වුයේ නැහැ.

තරගයේ දෙවන දිනය වන හෙට දිනයේ දී අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර ඊයේ දිනයේ දී ද ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ කණ්ඩායම් දෙකටම පුහුණු සැසිවලට සහභාගීවීමට අවස්ථාව හිමිවූයේ නැහැ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ඓතිහාසික ජයක් වාර්තා කළ බංග්ලාදේශය තරග එකට බිංදුවක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

තරගාවලියේ මුල් කාලසටහනට අනුව, මෙම ටෙස්ට් තරගය කරච්චි හි පැවැත්වීමට නියමිතව තිබුණ ද, ජාතික ක්‍රීඩාංගනයේ සිදුවෙමින් පවතින ඉදිකිරීම් හේතුවෙන් එය රාවල්පින්ඩි වෙත මාරු කිරීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52