සැපට කරගෙන ගිය කුෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි

ශීතාගාර තුළ සූක්ෂ්ම අයුරින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ‘කුෂ්’ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත අංක 11 ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (18) පස්වරුවේ මාලඹේ ප්‍රදේශයේදී යි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

පොලීසිය පැවසුවේ අදාළ නිවසේ පහත මාලයේ කාමරයක් වායු සමීකරණය කර එහි තට්ටු කිහිපයකට රෝපණය කර තිබූ කුෂ් පැළ 60කට ආසන්න ප්‍රමාණයක් සහ එම නිවසේ ඉහළ මාලයේ ශීතාගාරයක් තුළ රෝපණය කර තිබූ තවත් කුෂ් පැළ 100කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවයි.

මෙලෙස පොලිස් භාරයට ගත් කුෂ් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වන බවටයි ගණන් බලා ඇත්තේ.

තේ ඇසුරුම් කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන බව පවසමින් අදාළ නිවස කුලී පදනම මත ලබාගෙන ඇති බවත් මෙම කුෂ් මත්ද්‍රව්‍ය පැළ රෝපණය සඳහා අවශ්‍ය සියලුම දෑ විදේශයෙන් ආනයනය කොට මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මරදාන සහ මාලඹේ – කොස්සේන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24 සහ 48 වයස්වල පසුවන්නන්.

ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56