AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ ගෞරවය බේරාගැනීමේ අවසන් අවස්ථාව අද – කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (30) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

තරගාවලියේ පළමු තරග දෙක ජයගත් ඉන්දියාව මේ වනවිට තරගාවලිය ජයගෙන සිටින අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය රැකගැනීමට නම් අද තරගය ජයගැනීම අනිවාර්ය වනවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, අනුව තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙනුවට චමිදු වික්‍රමසිංහ අද තරගය සඳහා එක්වන බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල්ට ද අද තරගයේ දී අවස්ථාවක් හිමිවනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
9
+1
2
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?