ග්‍රෑන්පාස් වෙඩිල්ලෙන් දෙවැනියාත් මරුට – ඝාතකයින් තවමත් නිදැල්ලේ

ඊයේ (25) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වදුල්ලවත්ත පුරදර සෙවණ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ද ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ; අද (26) අලුයම මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වූ බව කොළඹ ජාතික රෝහල දැනුම්දුන් බවයි.

මෙම වෙඩි තැබීම එල්ල වූයේ ත්‍රීරෝද රථයක් ඉලක්ක කරගෙන වන අතර; වෙඩි තැබූ අවස්ථාවේ දී එහි රැඳී සිටියේ එම රථයේ රියදුරු සහ තවත් කාන්තාවක් පමණි.

එම වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථ රියදුරු සහ කාන්තාව එම අවස්ථාවේ දී ම රෝහල්ගත කෙරුණ ද රියදුරු ඊයේ රාත්‍රියේ ම ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි කඹුරුගමුව – මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මියගිය කන්තාව 56 හැවිරිදි ඔරොගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඝාතනය සිදු කළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෝ ඝාතනය කුමක් හේතුවෙන් සිදු වූවා ද යන්න පිළිබඳ ව මෙතෙක් නිල වශයෙන් හෙළි වී නැහැ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56