බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් හා පුද්ගලයින් 85ක් ගැන හෙළිදරවුවක්

බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් මේ වන විට මෙරට ක්‍රියාත්මක බව හෙළි ව තිබෙනවා.

මෙම ප්‍රකාශය පිළිබඳ ව අදහස් අනාවරණය වී ඇත්තේ; ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ දී යි.

භික්ෂූත්වයෙන් නෙරපූ තැනැත්තන් චීවරය දරා සිටීම තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

බුදු දහම මෙන්ම මෙරට ඉතිහාසය විකෘති කරන මධ්‍යස්ථාන 12ක් මේ වන විට මෙරට තුළ ක්‍රියාත්මක බව ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ දී සාකච්ඡා වූ අතර ධර්ම විකෘතිය සිදු කරන පුද්ගලයන් 85ක් ද මේ වනවිට අනාවරණය වී ඇතැයි මෙහිදී හෙළිදරවු වුණා.

ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා වූයේ.

ඊට පූජ්‍ය හෑගොඩ විපස්සී සහ පූජ්‍ය මහාචාර්ය මාවතගම පේමානන්ද හිමිවරු ද නීතිඥ කල්‍යාණන්ද තිරානගම, නීතිඥ රාජා ගුණරත්න, මතුගම සෙනෙවිරුවන් සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් ද මීට එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
14
+1
0
+1
2
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?