AFC Banner
Empty Ad
Empty Ad

ඔලිම්පික්වලට එක්වීමට විරේන් නෙත්තසිංහ දිවයිනෙන් පිටව යයි (ඡායාරූප)

ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් උලෙළට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ දිවයිනෙන් පිටත් ව ගියා.

අද (18) අලුයම 03.35ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් දෝහා වෙත ගොස්; එම ගුවන් තොටුපොළින් පැරිස් බලා පිටත්ව යන බවයි වාර්තා වන්නේ.

විරේන් නෙත්තසිංහ යනු ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් පිරිමි කණ්ඩායමේ නායකයා ද වනවා.

එළඹෙන 26 වැනි දින ප්‍රංශයේ පැරිසි නුවර දී ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා එක් වන ළාබාලතම ක්‍රීඩකයා වන්නේ ද විරේන් නෙත්තසිංහ යි.

විරේන් ව පැරිස් බලා පිටත් කරවීමට ඔහුගේ පුහුණුකරු සේ ම පියා ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

20240718 002303 scaled
20240718 002208 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?