AFC Banner
Empty Ad
Empty Ad

අයහපත් කාලගුණයෙන් ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන අවලංගු වෙයි (වීඩියෝ)

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හමා ගිය තද සුළඟකින් කුඩාරම් රැසකට හානි සිදුවීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැත්වීමට නියමිත ව තිබූ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන අවලංගු කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

හමා ගිය අධික සුළඟකින් කුඩාරම් රැසකට හානි සිදු වූ නිසා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ගාල්ලේ දී පැවැත්වීමට නියමිත ව තිබූ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන අවලංගු කිරීමට සිදුවුණා.

එම උත්සවය පැවැත්වීම සඳහා ඊයේ පස්වරුවේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ කුඩාරම් ගසා සූදානම් කර තිබුණා.

එසේ තිබිය දී ඊයේ රාත්‍රියේ ප්‍රදේශයේ හමා ගිය සුළඟක් හේතුවෙන් එම කුඩාරම කඩා වැටී සිදුකර තිබු ඉදිකිරීම්වලට දැඩි හානි සිදුවුණා.

මේ හේතුවෙන් අද දින පැවැත්වීමට නියමිතව තිබු ශිෂ්‍යත්ව බෙදාදීමේ උත්සවය අවලංගු කිරීමට සිදු වූ බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?