අයහපත් කාලගුණයෙන් ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන අවලංගු වෙයි (වීඩියෝ)

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හමා ගිය තද සුළඟකින් කුඩාරම් රැසකට හානි සිදුවීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (15) පැවැත්වීමට නියමිත ව තිබූ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන අවලංගු කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

හමා ගිය අධික සුළඟකින් කුඩාරම් රැසකට හානි සිදු වූ නිසා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ගාල්ලේ දී පැවැත්වීමට නියමිත ව තිබූ ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන අවලංගු කිරීමට සිදුවුණා.

එම උත්සවය පැවැත්වීම සඳහා ඊයේ පස්වරුවේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ කුඩාරම් ගසා සූදානම් කර තිබුණා.

එසේ තිබිය දී ඊයේ රාත්‍රියේ ප්‍රදේශයේ හමා ගිය සුළඟක් හේතුවෙන් එම කුඩාරම කඩා වැටී සිදුකර තිබු ඉදිකිරීම්වලට දැඩි හානි සිදුවුණා.

මේ හේතුවෙන් අද දින පැවැත්වීමට නියමිතව තිබු ශිෂ්‍යත්ව බෙදාදීමේ උත්සවය අවලංගු කිරීමට සිදු වූ බවයි ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38