මොරවැව දී අමානුෂික ඝාතනයක් – කැබ් රථයක් තුළට දමා ගිනි තියලා

පුද්ගලයෙකු සහ කැබ් රථයක් පැහැරගෙන ගොස් එම පුද්ගලයා ඝාතනය කර කැබ් රථය තුළට දමා ගිනි තැබීමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු පෙරේදා (13) දිනයේ දී උප්පුවේලි පොලිස් ස්ථානයට ලැබී ඇති බවයි වාර්තා වුණේ.

පෙරේදා අලුයම් කාලයේ දී මෙම අපරාධය සිදුව ඇති බවත්, පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවත් මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු ත්‍රිකුණාමලය, ඇලස්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා ඇලස්වත්ත ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගොස් ඇති ඇති අතර, ඔහු එහි රැඳී සිටිය දී සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ ඔහුට පහර දී කැබ් රථය ද සමඟ පැහැරගෙන ගොස් තිබෙනවා.

පසුව එම පුද්ගලයා ඝාතනය කිරීමෙන් අනතුරුව මෘත ශරීරය කැබ් රථය තුළට දමා මොරවැව පොලිස් වසමේ කැලෑබද ප්‍රදේශයක දී ඊට ගිනිතබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් හඳුනාගෙන ඇති අතර, ඉන් වයස අවුරුදු 24ක සැකකරුවෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අපරාධය සඳහා යොදාගත් බවට සැක කෙරෙන පොල්ලක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12
Video thumbnail
නාමල් රාජපක්ෂටත් නීතිය ක්‍රියාත්මක කරන්න
02:39
Video thumbnail
මුන්ට වැඩිය ප්‍රභා හොඳයි
00:44
Video thumbnail
මහින්ද වෙනුවෙන් ආපු මිනිස්සු කිව්ව හොඳම ටික එක පෙළට
11:18