අතුරුගිරිය ඝාතනයට 07 දෙනෙකු අත්අඩංගුවට

පෙරේදා (08) උදෑසන 10ට පමණ අතුරුගිරිය නගරයේ ඔරුවල ප්‍රදේශයේ ටැටූ ආයතනයක දී ප්‍රසිද්ධ ව්‍යාපාරික ‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා යන අය සහ නයන වාසුල යන අයට මරු කැඳවමින් ද තවත් සයදෙනෙකුට බරපතළ තුවාල සිදු කරමින් සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම පුද්ගලයින් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව, අතුරුගිරිය යන ප්‍රදේශවලදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කරන පරිදි මේ වනවිට අදාළ සැකකරුවන් ව අතුරුගිරිය පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24,27,28,31 හා 37 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් බලපිටිය, අම්බලන්ගොඩ, ගනේමුල්ල හා බෙලිඅත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර වෙඩි තැබීම සිදු වූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන එන ලද සැකකරුවන් දෙදෙනකු, එම කාර් රථය අපරාධය සිදු කිරීමට පෙර නිවස පිහිටි ඉඩමේ තබාගෙන සිටි සැකකරුවෙකු, අපරාධයෙන් පසු සැකකරුවන් හට පැන යාමට භාවිතා කළ වෑන් රථය තබාගෙන සිටි සැකකරු මේ අතරට අයත්.

අපරාධය සිදු කිරීමෙන් පසු සැකකරුවන් පලා ගිය ව්‍යාජ අංක තහඩු යෙදූ කාර් රථය, වෑන් රථය සහ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ ජංගම දූරකථනය විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම විදේශගත ව සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙයවීම මත සිදු ව ඇත්තක් බවටයි හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හා අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54