AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී දයාසිරි ශ්‍රීලනිපෙ න් දොට්ට (නිවේදනය)

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලික ව අහෝසි කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ‘මානුෂීය ජනතා සන්ධානය’ නමින් වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීම, ඊට අනුබල දීම මෙන් ම එම නව සන්ධානයේ නායකත්වයට පත් වීම වැනි කාරණා තමන්ට වාර්තා වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍ය සාමාජිකත්වය දරන්නෙකුට වෙනත් පක්ෂයක ලියාපදිංචි වීම, එළඹෙන මැතිවරණයකට නව පක්ෂවලින් තරග කිරීම ආදී ක්‍රියාවන් පක්ෂයේ විනය නීති මාලාවට පටහැනි බවත් එම ලිපියේ සඳහන්.

මෙම හේතූන් මත මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් කටයුතු කළ හෙයින් අදාළ තීරණය ගෙන ඇති බව ද ශ්‍රීලනිප සභාපතිවරයා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
33
+1
1
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?