හරක් කටාට එරෙහි නඩුවක් කල් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටිය දී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන සී.සි.ටී.වී දර්ශන මෙන්ම ඇතැම් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශය තමන් වෙත ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

එසේම මෙම නඩුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පවතින නඩු ගොනුව කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරයට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මුල් නඩු ගොනුවේ සහතික පිටපතක් නොපමාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එම අධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා.

මෙහි දී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවල තම සේවා දායකයාට අධිකරණයේ පෙනී සිටීම අවශ්‍ය බව සඳහන් කළා.

මෙම නඩුව දුරස්ථ තාක්‍ෂණය ඔස්සේ පැවැත්වීමට පියවර ගත යුතු බවට පැමිණිල්ල විසින් සඳහන් කර තිබුණ ද විත්තිකරුට අධිකරණය හමුවට පැමිණීමට අයිතියක් තිබෙන බවත් එම නීතිඥවරු පෙන්වා දුන්නා.

එහෙත් මහාධිකරණ විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළේ නෑ.

ඉන් අනතුරුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි මස 29 වනදා තෙක් කල් තැබුණා.

මෙම නඩුව පැවති අවස්ථාවේ දී රඳවාගෙන සිටින හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12